මිරිස්ස නිල් තල්මස් සවාරිය

ලෝකයේ දැනට වෙසෙන විශාලතම ක්ෂීරපායි සත්වයා වන්නේ නිල්තල්මසාය.ශ්‍රී ලංකාවේ මිරිස්ස නගරය නිල් තල්මසුන් නැරඹීමට දැනට ලෝකයේ ඇති හොඳම ස්ථානයයි. ගොඩබිමේ සිට ඉතා නුදුරින් නිල් තල්මසුන් අවුරුද්ද පුරාවටම දැකගත හැකි එකම ස්ථානයද මිරිස්සයි. නිල් තල්මසුන් නැරඹීමට හොඳම කාලය වන්නේ ජූලි සිට අප්‍රේල් දක්වා කාලයයි.මැයි, ජුනි යන මාස මුහුදු යෑම සඳහා එතරම් උචිත නැත. නිල්තල්මසුන් පමණක් නොව අනෙකුත් තල්මස් වර්ග(bryde's whale,fin whale,pilot whale,killer whale,sperm whale) සහ ඩොල්ෆින් වර්ග(spinner,risso's,striped dolphins) කිහිපයක් මෙම සංචාරයේ දී දැකගත හැකිවීම විශේෂත්වයකි.

නිල් තල්මසා නිලට හුරු අළුපාටින් වන අතර ශරීරයේ පුල්ලි සහිතවේ, දිගින් මීටර් 30 සහ බරින් ටොන් 125- 150 තරම්වේ. කෙතරම් විශාල සත්වයෙක් වුවත් ඔවුන් ආහාරයට ගන්නේ ඉතාම කුඩා ප්ලවාංග සහ කූනිස්සන් වැනි සතුන්ය. තල්මසාගෙ මුඛයේ දත් නොමැති අතර baleen නැමැති තැටි පවතී, එම තැටිවල ඇති කෙරටිනීමය කෙඳි මගින් කූනිස්සන් උරා බීම සිදු කරයි. නිල් තල්මසා හුස්ම ගැනීමට විනාඩි දහයකට පමණ වරක් ජලය මතු මතුපිටට පැමිණෙන අතර එම හුස්ම ගැනීමේදී ඉහළට විදින ජල කඳ අඩි තිහක් පමණ උස වේ.මෙම ජල කඳේ උස සහ හැඩය තල්මසාගෙන් තල්මසාට වෙනස්වන අතර එමගින් ඈත සිටම තල්මසුන් හඳුනාගැනීමට නිරීක්ෂක යාත්‍රාවලට හැකිවේ.


  • විද්‍යාත්මක නාමය Balaenoptera musculus
  • ගෝත්‍රය : Cetacea
  • දිග : 30m
  • බර : 100-125 ton
  • වර්ණය: අලුවන් නිල් පාට (පුල්ලි සහිත)
  • ආහාර : කූනිස්සන් ,ප්ලවාංග
  • වේගය : 27kmh-34kmh


  • Eagleeye
    • සජීවීව තල්මසුන් නැරඹීම ඉතා ප්‍රීතිජනක වන අතර පැයක මුහුදු ගමනකින් එම අවස්ථාව උදාකර ගත හැක. මිරිස්ස වරායෙන් සෑම දිනකම උදේ 7ට පිටත්වන තල්මසුන් නැරඹීමේ යාත්‍රාවක ආසන කලින් වෙන් කර ගැනීම සඳහා 0713121061 අංකය අමතන්න.
      තල්මසුන් නැරඹීමේ සවාරි විස්තර
    • * පටන්ගැනීම : සෑම දිනකම උදෑසන 7ට ( කලින් ආසන වෙන් කරවා ගත යුතුය)
    • * පිටත්වීමට මිනිත්තු 30කට පෙර පැමිණීම අනිවාර්යවේ
    • * ගමන් කාලය : පැය 3-5 අතර වේ.
    • * ආරම්භක ස්ථානය : මිරිස්ස වරාය
    • * යාත්‍රාව : Double Decker Trimaran
    • * ආසන සංඛ්‍යාව : 80
    • * තේ කෝපි උදෑසන ආහාර ඇතුළත් වේ.
    • * අප යාත්‍රාව ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව යන ආයතන වල ලියාපදිංචි කර ඇත.
    • වැඩි විස්තර සඳහා +94713121061 යන අංකය අමතන්න

    Our Location

    Ganidu Rochana
    Whale Watching Mirissa
    Hill Side,Mirissa.
    Srilanka.
    Tel:+94713121061 / +94771173585
    E : whalewatchingmirissa@gmail.com

    Please Use above details to contact us for booking or any other inquiry.