Sperm whale – මන්දා තල්මසා

තල්මසුන් අයත් cetacea ගෝත්‍රය ප්‍රධාන වශයෙන් උප ගෝත්‍ර තුනකට බෙදා වෙන් කර හැක.

1.mysticeti  මුඛයේ දත්  වෙනුවට බැලීන් නැමැති දැඩි කෙඳි වර්ගයක් පිහිටා ඇත.
2.odontoceti  මුඛයේ  පැහැදිලිව දත් පිහිටා ඇති තල්මසුන්
3.archeocete මෙම ගෝත්‍රය නෂ්ඨවී ගොසින්ය

 මන්දා තල්මසා  දත් තිබෙන  තල්මසුන් අතරින් විශාලතමයා වේ. මන්දා තල්මසුන් ගේ පවුලේ තවත් සාමාජිකයන් දෙදෙනෙකු ඇති අතර ඔවුන්

1. පිග්මි මන්දා තල්මසුන් – pygmy sperm whale
2. කුරු මන්දා තල්මසුන් – dwarf sperm whale

මන්දා තල්මසෙකුගේ  දිය යටදී ගත් චායාරුපයක්

 මන්දා තල්මසුන් සියලුම සාගර කලාප වලදී නිරීක්ෂණය කර ඇති අතර ගැහැනු සතුන් හා පැටවුන් සමූහ වශයෙන් දැකිය හැක. පිරිමි සතුන් තනිව ජීවත් වන අතර ප්‍රජනන කාලසීමාවේ රංචුව හා එක්වේ. වැඩුනු  පිරිමි මන්දා තල්මසකුගේ දිග අඩි පනස් දෙකක් පමණ වන අතර බර ටොන් 40ක් පමණ වේ.  ගැහැණු මන්දා තල්මසුන් ප්‍රමාණයෙන් කුඩාවේ.ජීවන කාලය අවුරුදු හැටක් පමණ වේ.ගැහැණු සතුන්  වසර හතරක් විස්සත් අතර අතර දක්වා කාලයකදී පැටවුන් බිහි කිරීම සිදුකරන අතර පැටවුන් බිහිවූ පසු වසර දහයක් පමණ වන තුරු රැකබලා ගනී.

 ශ්‍රී ලංකාවේදී   මන්දා තල්මසුන් මිරිස්ස සහ කල්පිටිය යන ස්ථානවලදී මාර්තු අප්‍රේල් මාසවල දී රංචු වශයෙන්  දැකගත හැකි අතර පිරිමි තනි මන්දා තල්මසුන්  වසරේ නොයෙක් කාලවලදී අහඹු ලෙස නිරීක්ෂණය කර ඇත.

 මන්දා තල්මසාගේ බොහෝ  ශරීර සහ චර්යා රටා  අනෙකුත්  තල්මසුන්ට සාපේක්ෂව විශේෂිතව පවතී.  මොවුන්ගේ හිස මුළු ශරීර දිගෙන් තුනෙන් එකක්  පමණ වන අතර එය සෘජුකෝණාශ්‍රකාරි හැඩයක් ගනී. හිසේ වම්පසින් ඉදිරියට වන්නට s හැඩති නාස්  සිදුර පිහිටා ඇත. මොවුන්  ප්‍රශ්වාස කිරීමේදී පිටවන ජල ගොබය අංශක 45ක් වන ආනතියකින් ඉදිරියට  විදිනු ලබයි. සැලකිය යුතු දුරකදී මොවුන් හඳුනා ගැනීමට තල්මස් නිරීක්ෂකයන්හට මෙම ආනත ජල පහරේ හැඩය බෙහෙවින් උපකාර වේ.

මොවුන්ගේ හිසෙහි තෙල් වැනි ද්‍රව්‍යයකින් සමන්විත විශාල බැරලයක් වැනි  spermaceti   නම් අවයවයක් ඇත. විද්‍යාඥයන් පවසන  ආකාරයට මෙම අවයවය මගින් විශේෂිත කාර්යයන් සිදු කරයි.  මෙම ව්‍යුහය මගින් ටික් ටික් නාදාකාර වේගවත් ඉතා ප්‍රබල ශබ්දයන් නිකුත්  කිරීමට හැකි අතර එම ශබ්ද නැවත ප්‍රතිග්‍රහණය  කිරීම මගින් අවට පරිසරයේ ඇති දේ නිර්ණය කරගැනීමට සහ ඔවුන් අතර  සන්නිවේදනය කර ගැනීමට හැකියාව ඇත (echolocation). මෙම අවයවේ පිරි තෙල්  වැනි ද්‍රව්‍ය  වාතයේදී ඝනීභවනයට පත් වන අතර මන්දා තල්මසා  ආහාර දඩයම් කිරීමට සඳහා ඉතා ගැඹුරට කිමිදී  නැවත මතුපිටට පැමිණීමට මෙය උපකාරීවන බව තවත් මතයකි.

දතක ස්වරූපය

  මන්දා තල්මසාගේ  යටි හනුවේ එක  ඇත්තක දත් 18 ත් 26 ත් අතර ප්‍රමාණයක් පවතී සාමාන්‍යයෙන්  දතක බර කිලෝග්‍රෑම් එකකට තරමක් වැඩි වේ. ආහාර සොයා  මීටර්   දෙදහසක් පමණ ගැඹුරු දියෙහි කිමිදෙන මන්දා තල්මසුන් ගේ ප්‍රියතම ආහාරය වනුයේ යෝධ දැල්ලන්ය. බොහෝවිට යෝධ දැල්ලන් දඩයම් කිරීමේදී දැල්ලන් විසින් ඇතිකර ලද විශාල සීරීම් සලකුණු මුහුණ මත දිස්වෙයි. මොවුනට විනාඩි පනහක් වැනි  දිගු කාලයක් කිමිද සිටීමට හැකි අතර දිය මතුපිටට පැමිණ ස්වසන වාර 50 ක් පමණ සිදු කර නැවත දිගුවේලාවක කිමිදුම් කාලයක් ලබා ගත හැකිය. 

 ස්වභාවික පරිසරයේදී මන්දා තල්මසුන්ට ඇති විලෝපිකයන්  වනුයේ ඝෝෂක තල්මසුන් (killer whales) සහ මිනිසුන්ය. killer whale  රංචුවකට අසු වූ විට මන්දා තල්මසුන්ගේ පැටවුන්ට සහ දුර්වලයන්ට පහරදී  මරාදමයි.  එනමුත් මීට දශක කිහිපයකට පෙර වනතුරු  මිනිසුන් විසින් මහා පරිමාණයෙන් මන්දා තල්මසුන් දඩයම් කළේ ඔවුන්ගේ තෙල් මන්ද සහ ambergris  ලබාගැනීමටය.

කිමිදීමට පෙර ගත් චායාරූපයක්

මන්දා තල්මසා ගේ කුඩා අන්ත්‍රයේ ඉටි සහිත අළු-දුඹුරු පැහැති ඉටි  වැනි ද්‍රව්‍යයක් නිපදවෙනවා එය ambergris නම් වේ. ambegris සුවඳ විලවුන් සහ බෙහෙත් වර්ග  තැනීමට භාවිතා කරන මිලෙන් අධික ද්‍රව්‍යයක් වේ. සමහර අවස්ථාවලදී මුහුදේ මියගිය මන්දා තල්මසුන් ගේ සිරුරු වලින් කැඩී වෙන් වූ ambergris පාවී මුහුදු  වෙරළට අවස්ථා වාර්තා වී ඇත.